Friday, October 3, 2014

ප්‍රේත සූත්‍රය 3


(අරූ බංදු.. ඌ කිරි කන්නට ආසලු..)

උන් ගියවෙ..
උන් ගියවෙ..
මම හොයා ගන්නවා ලොකු රස්සාවක්..
මම හදනවා ලොකු ගෙයක්..
මම ගන්නවා ලොකු කාර් එකක්..
ලොකු මාමට තරු පේන්ඩ..
බංදුවාට තරු පේන්ඩ..

සුදු නංගිට දුක හිතෙන්ඩ..

ඒත් දෙයියනේ තාමත්
(ලිපිකරු ඉන්ටව් එකකටවත්)
ලියුමක් ආවේ නැත මට..

හ්ම්ම්...
නැගිටිමි මම ෆීනික්ස් කුරුල්ලා මෙන් අලු මතින්... කුමටද?
.. මම යනවා කුස්සිය වෙත - ගන්නට මගෙ බෙඩ්ටී එක..
කෝප්ප නැත - පෝච්චි නැත
තේ පෙරෙනය එල්ලී ඇත - තනි වානේ රාක්කයේ

උණු තේ නම් සිහිනය සැමදා මෙන් බිඳීවැටුනි..
..
අම්මා උඩරට මැණිකෙ වගේ - සැරසී සාලය අසල සිටී..
"බංදු පුතා ගත් කාරය - බලන්න මට එන්න කිව්වා
ලොකු මාමත් උදේ ගියේ - මටත් එහේ  එන්න කියලා
මම එන්නේ හවස් වෙලා...
තමුසෙත් යන තැනක ගිහින් - එනවා රෑ වෙන්නට පෙර.."

..අරූට පුතු කී අම්මා- මට තමුසේ කී අම්මා
 අපේ ආදර මගේ අම්මා- දෙවියො රකීවා අම්මා..
..
".. අම්මේ මට රුපියල් දහයක් දෙන්වද..?"

"ආ.. අන්න ගිහින් කඩා ගනිං, ගස් කොලවල තියෙන්නෙ ඔය..!"
"ලැජ්ජ නැද්ද හැබෑවටම,
බංදු පුතා දියුණු වෙනවා,
උඹ මෙහේ වැනසිලා යනවා..
ඉගෙන ගත්තා කිය කිය ඔය..
නිකන් ඉන්නේ නැතුව උඹත්,
බලපන් මිනිහෙක් වෙන්නට..

කාලකන්නියෙක් හැබෑට.."


"අනේ අම්මේ මටනං බෑ..
රජයට වංචා කරන්න..
ජනයට වංචා කරන්න..
අසාධාරණය කරලා..
අරූ වගේ පොදි ගහන්න.."
මම සිතුවෙමි - කිව්වානං තවත් බැනුම්..!

Thursday, October 2, 2014

ප්‍රේත සූත්‍රය 2

වදින තැනට ඔහෙ වැදුනවෙ... 

මම හෙමිහිට ඇදෙන් බසිමි...

බළල් තඩියා 
ලඟ ඉඳගෙන 
ඥාව් කියා කෑගැහුවා,
"චිප් බළලා... උදේම මළ ඇඬියාවක්"
බළල ගුවන් ගත්වී ගොස්
වැටුනි මේසේ ගැට්ටෙ වැදී..
පැනල දිව්වේ ඊට පස්සෙ.. 
.......
ඇඳ උඩ ඉඳගෙන සිතූ ලෙස.. 
නොව මෙය මුදු උදෑසනක්..
හැමදාමත් වගේ තියෙන.. 
මහ කම්මැලි පාන්දරක්..

(පාන්දරක් කිව්වට මොකෝ.. 
දැන් හතටත් ගොඩක් ලඟයි)
..
හිමින් සැරේ,
ඊයේ ඉඳලා මතකෙට,
මගෙ හිත ඇතුලට එන්නට.. මම ඉඩ ඇරියා..
..
ඊයේ ලොකු මාමා ආවා..
කිරියි පැණියි අරන් ආවා..
සුදු නංගිත් එක්ක ආවා,
එයා සතුට අරන් ආවා..

තළ එළලුයි,
කොන්ඩෙ දිගයි,
ඇස් හීනියි,
හරිම හැඩයි,
දැන් මාගේ සුදු නංගී..
...
අපෙ අම්මා හිරමනයේ,
සුදු නංගී දොරකඩ ලඟ,
ලොකු මාමා බංකුව උඩ,
ඔක්කෝලම මුලුතැන්ගෙයි,

මම විතරක් කාමරයේ..
.......
"අනේ ඉතින් ලොකු නංගී
උඹලා බලලා යන්න ආවේ..
අපේ හාමිනේ අසනීපෙන්
(වාත දෝස ඔය වයසට,
අම්මා කිව්වා)
අපේ පුතත් රස්සාවක,
නගර සභාවේ..

( ආ අරූ..දමිතයා.. හිහ් කුණු ලොරියේ වෙන්නැති..)
කොහොමද දැන් මෙහෙ ලොකු දුව ?
තාමත් දංකොටුවේමද?
මල්ලිත් පැංසොන් ගිහිල්ලා

ගෙදර ඉන්න කම්මැලි ඇති..."
(අප්පුච්චා බුලත් කොරටුවට සාත්තු කරන හැටි, කුස්සියට පෙනෙන විදිය මට මැවුනා)
ඌ මං ගැන ඇහුවේ නැහැ..
ඇහුවයි කියාලාය ඉතිං මොකක් කියලා කියන්ඩයෑ..

"එයා තාම ගෙදර අයියෙ.." අම්මා කියයි..
...
සුදු නංගිගෙ මුදු උණුහුම,
කුස්සි දොරෙන් ඈත්වෙලා,
මගෙ කාමරේ දොර ගාවින්,
සුසුමක් සේ ගලා ගිහින්,
සාලය ලඟ නතර වුනා..

කොණ්ඩය අයෙත් හදලා..
දර්පණයට හිනා වෙලා..
ආයෙත් කොණ්ඩය හැදුවා..
ෂහ් නියමයි...
කිසා ගෝතමී හිටියොත් නිබ්බුත පද ශුවර් තමයි...
සිහින ලොවේ මල් කුමරා,
සාලය වෙත සැපත් වුනා..
...
"අපි දෙන්නා හෙට උදේම
අත් වැල් අල්ලාගෙන යමු
වත්ත පහල වෙල් එලියට..
ඉස්සර අපි දුවපු පැනපු
වත්ත පහල වෙල් එලියට.."

"ඊය්යා..."

සුදු නංඟා - කෑ ගාවා...

"ගෙම්බො වගේ මඩේ යන්න
ඌරෝ වගේ මඩේ යන්න
ජරාව හිරිකිතයි ඔන්න
මට ඒවී වමනෙ යන්න..

බෑ..බෑ..බෑ..

මට නං බෑ...

හෙට උදේම යන්න ඕන
බංදු අයියලාගෙ ගෙදර,
ලියුමෙත් කියලා තිබුනා,
"ඇවිල්ලා මට පෙනිලා යන්න"

බංදු අයියා ලඟදී ගත් කාරය කිරි සුදු පාටලු
මාවත් එකේ තියාන යන්න එයා හරි ආසලු ..."
පර බංදුවා...

මගෙ නංගී, සුදු නංගී
මට ආදරේ කල නංගී
මම ආදරේ කල නංගී,
ජඩ බංදුවා හොරෙන් අරන්
...
අද උදේම උන් ගිහිල්ලා..
ගෙනාපු කිරි මුට්ටි තුනෙන්
දෙකක්ම උස්සන් ගිහිල්ලා..
(අරූ බංදු.. ඌ කිරි කන්නට ආසලු..)

Wednesday, October 1, 2014

ප්‍රේත සූත්‍රය 1

"ගල් ගසනුව මේ ගැහැනිට,

පාප සයුරෙ කිමිදී සිටි,

රාග වෙරලේ වැතිරී සිටි,

ගල් ගසනුව මේ ගැහැනිට"

 

රජ බලු තරනෙට ඉඩ දුන්,

වල් බලු තරනෙට ඉඩ දුන්,

වනචර බලු කික්කී..

මරා දමනු මේ "ඉතිරිය"

නසා දමනු මේ "සැතිරිය"

.........

මම ගැස්සී අවදිවුනෙමි

පාන්දරය...

හීතල හිරිගඩු පිපෙනා

තණ පත්වල පිණි නටනා

හිරු කුමරුට පෙම් බඳිනා

කැකුලු පුබුදු වන සොඳිනා

පාන්දරය...

මේ සුදු කලුවර කුටියේ උක්කුටියෙන් වක ගැසීන මම සිතුවෙමි...

ගල් ගැසුවේ කාටද මම්...?

ගැසුවේ මොකටද මම්...?

කිතු සමිඳුන් නොසිටින තැන,

ඇය ගලවා ගනු කවුරැද?

තව දුරටත් මම සිතුවෙමි,

" පව් නොකලවු අපි සුදනන්

කම් නැත කිතු තුම සිටියත්...

අපි ගහන්නේ අපේ ගල්නෙ...

වදින තැනට ඔහෙ වැදුනවෙ...
 
to be cont...