Friday, October 5, 2012

මේජර් ගුටි කන බව කලින්ම දැනගෙන ඉඳලා!

ලැබෙන ආරංචි මාර්ග වලට අනුව දුම්කොල සංස්ථාව  මේජර් ගුටි කන බව කලින්ම දැනගෙන සිට ඇත. මේ නිසා ඔවුන් දුම්බීම ශරීරයට අහිතකර වීමට හැකි බව සිගරට් පෙට්ටියේ මුද්‍රණ්ය කොට ඇත.

Friday, July 27, 2012

වීරකම

මෝඩකමේ සුන්දරම අවස්තාවයි

Thursday, May 10, 2012

කම්කරු දිනය

මේ වසරේ යෙදුනේ මැයි 5 වැනිදාටය
සාගතෙන් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියවු !

Monday, April 9, 2012

අයියාගේ ඉස්කෝලේ අලුත් අවුරුදු

හැමෝම අතේ කැමරා.. කැමරා ෆෝන්..
ලිප ගිනි මෙලවීම... පොටෝ !!
කිරි ඉතිරවීම... පොටෝ !!
අවුරුදු උදාව... පොටෝ !!
කෑම කෑම... පොටෝ !!
බුලත් දීම... පොටෝ !!
අරක... පොටෝ !!
මේක... පොටෝ !!
... පොටෝ !!
... පොටෝ !!

Tuesday, March 13, 2012

ට්‍රැෆික් ජෑම්

ගෘහණියක් හැටියට දන්නේ නැති වුනාට ඩ්‍රයිවර් කෙනෙක් හැටියට අම්මා හදන්න දන්න ජාතියයි.

Thursday, March 1, 2012

Cat Landing

"උඹව කවුරු හරි වීසි කලොත් පූසෙක් වියන්!. එතකොට උඹ ලෑන්ඩ් වෙන්නෙ හරි විදියට" තාත්තට බොසා මාමා කිව්වලු!

Tuesday, February 14, 2012

2012 පෙබරවාරි 13 දින ලංගම අධිෂ්ඨානය

වලිගය උපයෝගී  කරගෙන මුහුද හින්දන්න හදපු ලේනාගේ වගේ !

Monday, January 30, 2012

සුසුකි රිට්ස්

හැච් බැක් කාර් මාර්කට් එකට ආපු ගමන් ලස්සනයි ඉල්ලුම වැඩියි...
ලොකු කාර්  කොච්චර කාලයක් ගියත් ඉල්ලුමේ අඩුවක් නෑ..

හැච් බැක් කාර් කෙල්ලො වගේලු
ලොකු කාර් කොල්ලො වගේලු..

Friday, January 20, 2012

ලොවි

ගෙඩි රතුයි ලස්සනයි කඩන්න ලේසියි රතු ලොවි
ගෙඩි කලුයි ලස්සන නෑ කඩන්න අමාරුයි කටු ලොවි
රතු ලොවි ඇඹුලයි කටු ලොවි පැනි රසයි
......
ඇඹුල් කන්න ආස තත්තා කිව්වා අම්මා හරියට කටුලොවි ගහක හැදුන රතු ලොවි ගෙඩියක් වගේ කියලා

Wednesday, January 18, 2012

ජනවාරි විප්ලවය

දින 2 ක් පුරා දවසට පැය 2 බැගින් මොන්ටිසෝරි  වැටේ එල්ලී නොනවත්වා හඞමින් පෞද්ගලික මොන්ටිසෝරි  ක්‍රමයට විරුද්ධව කරන ලද පන්ති වර්ජනයට අම්මාට සහ තාත්තාට අවනත වීමට සිදුවු අතර අවසානයේ නැවතත් අච්චීගේ සෙවනේ මට නිදහසේ සිටීමට ඉඩ දීමට සිදුවිය. 
මගේ සටනට සීයා සහ අච්චී දැක්වු සහයටයි මේ විප්ලවීය අචාරය!

Tuesday, January 17, 2012

Gordonia ceylanica මාමාට පමණයි

මාමේ මේක තාත්තාගෙ තීසිස් එකෙන් උස්සපු එකක්. තාත්තා තවම ඒක පබ්ලිශ් කරල නැහැ. ඉතින් හොරාට වැඩේ කර ගන්න

Friday, January 13, 2012

විශ්ලේෂණය

කූගන්වයි ලලිත්වයි හංගගෙන ඉන්නෙ පානදුරේ ෆිල්ම් හෝල් එක ඉස්සරහ බුකි කරයාලු, මොකද ඒ තාප්පෙ ගහල තියනවලු උන්ව නිදහස් කරන්න කියලා..