Monday, December 26, 2011

ආදරයක් ඉවරවුනාම

ඒ ගැන මතකයට කරන්නෙ
කොල්ලා - Delete  
කෙල්ල   - Shift + Delete 

Tuesday, December 20, 2011

සම ආදරය

නෝර්වේ එල්ටීටීඊ එකට තිබුන ආදරේ සහ ආච්චි මට තියෙන ආදරේ එක සමනයි.

Wednesday, December 14, 2011

තාත්තාගේ පළමු නියමය

නාන කාමරයේ ගුරුත්වාකර්ෂණය වැඩිම ස්ථානය වැසිකිලි වලයි. ඔබ අතින් ගිලිහෙන ඕනෑම දෙයක් නතර වන්නෙ එතනයි.

Sunday, December 11, 2011

සරල ගණිතය

සෙනසුරා බයයි තාත්තාට
මර්වින් මාමා බයයි සෙනසුරාට  

Tuesday, November 22, 2011

අයවැය 2012

අපිට කියාපු පූර්වාදර්ශය

Tuesday, November 8, 2011

නොවැම්බර් 07

හුරේ මට දැන් අවුරුදු දෙකයි

Thursday, October 6, 2011

භය

තාත්තා හරිම භයයි තාත්තා දන්න වැඩකින් 50% දන්න අයට.

Friday, September 9, 2011

මම ඉපදෙන්න ඉස්සර

"බ්‍රෂ් එක වටේ යන කැරපොත්තා වගේ ඔයා මා වටේ ගියේ"
අම්මා කිව්වා
"පොලිස් කාරයකුට ඩ්‍රර්යිවින් ලයිසන් එක බලන්න තියෙන ආසාව වගේ ආසාවක් මගෙ මූන බලන්න ඔයාට තිබුනෙ"
තත්තා කිව්වා

Friday, September 2, 2011

තාත්තා නම් විප්ලවවාදියා



අවුරුදු 16 පොලීසියට ගල් ගහන්න තරම් රැඩිකල්
අවුරුදු 26 දී ආමි එකට බැදෙන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදීයි
අවුරුදු 36 දී වර්ජන මර්ධනය කල යුතුයි කියන්න තරම් ධනවාදීයි
තව බලමු ඉස්සරහට !

Monday, August 8, 2011

නංගීව පෙන්වීම !

මල ගෙදර යන්න බැරි උනාම දානෙට යනව වගේ, වෙඩින් එකට යන්න බැරි උනහම පලවෙනි බබා බලන්න යන්වලු.. අම්මා කියනවා

Friday, July 29, 2011

සාක්ෂරතාවය

මාත් තාත්තාගේ ප්‍රොෆෙසර් මාමාත් අතර අති වෙනෙස නම්,  ප්‍රොෆෙසර් මාමා තීසිස් එකේ ලියපුවා තත්තාට කියවන්න හැකි වීමත්, මම ලියපුවා කියවන්න බැරි වීමත්ය.

Thursday, July 7, 2011

තෑග්ග

තාත්තා හිතන්නේ අය්යාට තනිවම කඩදාසි බෝට්ටුවක් හදන්න පුලුවන් වීම මහා ජයක් කියාය...
තාත්තා දීමට පොරොන්දු වූ තෑග්ගත් නැතිව මහ රෑ වී ගෙදර ආවා..

Friday, June 10, 2011

නංගී

වීඅයිපී වාහන වලට යන්න වහපු පාරවලුත් අරිනවා..
නිවාඩු දවස් වලට ඕනම වාහනයකට යන්න පුලුවන් බාධාවක් නැතුව..
ඔෆිස් රයිඩර්ලාට පාර වහල උනත් රිංගල යන්න පුලුවන්...
අයියා වීඅයිපී !
මම දෙවනි කැටගරියේ..
.....

Friday, May 27, 2011

අද පෙළපාලිය

අනිත් අය නිවාඩු, රණවිරුවන් වැඩ

Tuesday, May 24, 2011

ජරාව

මෙලොව ඉතාම අපූරු දෙයක් තිබේ. මම එවායෙන් සෙල්ලම් කරන විට අය්යා, “ඈක්කා මල්ලි ඔය ජරාව” කියා කෑගසයි. ඉන්පසු අම්මා මා සොදයි.

2600 බුද්ධ ජයන්තිය

වෙසක් දා පන්සල් නොගොස් අම්මාගේ බැන්කුවට ගියා. මොකද එදා එහේ රාජකාරි භක්තිගීත කිව්වා

අය්යාගේ උපන් දිනය

තාත්තා දරුස්මාන් සමග ගෙදර නෑවිත් සටනේ (මැයි 13)

ප්‍රේමය

කිසිවෙකු නොබලන බ්ලොග් එකක් ඒක පාර්ශවික ප්‍රේමයක් වැනියැයි තාත්තා සිතයි

ඇයි ?

මම කුංචනභරණ … ආදරයට කුංචා ය..

වයස මාස 18 ..

මට අම්මා,තාත්තා සහ අය්යාගෙන් නිතරම කරදරය..

මේවා ලෝකයා දැන ගත යුතුය..

මම මෙ බ්ලොග් එක පටන් ගන්නේ ඒ නිසයි..