Friday, October 3, 2014
ප්‍රේත සූත්‍රය 3
(අරූ බංදු.. ඌ කිරි කන්නට ආසලු..)
උන් ගියවෙ..
උන් ගියවෙ..
මම හොයා ගන්නවා ලොකු රස්සාවක්..
මම හදනවා ලොකු ගෙයක්..
මම ගන්නවා ලොකු කාර් එකක්..
ලොකු මාමට තරු පේන්ඩ..
බංදුවාට තරු පේන්ඩ..
සුදු නංගිට දුක හිතෙන්ඩ..
ඒත් දෙයියනේ තාමත්
(ලිපිකරු ඉන්ටව් එකකටවත්)
ලියුමක් ආවේ නැත මට..
හ්ම්ම්...
නැගිටිමි මම ෆීනික්ස් කුරුල්ලා මෙන් අලු මතින්... කුමටද?
.. මම යනවා කුස්සිය වෙත - ගන්නට මගෙ බෙඩ්ටී එක..
කෝප්ප නැත - පෝච්චි නැත
තේ පෙරෙනය එල්ලී ඇත - තනි වානේ රාක්කයේ
උණු තේ නම් සිහිනය සැමදා මෙන් බිඳීවැටුනි..
..
අම්මා උඩරට මැණිකෙ වගේ - සැරසී සාලය අසල සිටී..
"බංදු පුතා ගත් කාරය - බලන්න මට එන්න කිව්වා
ලොකු මාමත් උදේ ගියේ - මටත් එහේ එන්න කියලා
මම එන්නේ හවස් වෙලා...
තමුසෙත් යන තැනක ගිහින් - එනවා රෑ වෙන්නට පෙර.."
..අරූට පුතු කී අම්මා- මට තමුසේ කී අම්මා
අපේ ආදර මගේ අම්මා- දෙවියො රකීවා අම්මා..
..
".. අම්මේ මට රුපියල් දහයක් දෙන්වද..?"
"ආ.. අන්න ගිහින් කඩා ගනිං, ගස් කොලවල තියෙන්නෙ ඔය..!"
"ලැජ්ජ නැද්ද හැබෑවටම,
බංදු පුතා දියුණු වෙනවා,
උඹ මෙහේ වැනසිලා යනවා..
ඉගෙන ගත්තා කිය කිය ඔය..
නිකන් ඉන්නේ නැතුව උඹත්,
බලපන් මිනිහෙක් වෙන්නට..
කාලකන්නියෙක් හැබෑට.."
"අනේ අම්මේ මටනං බෑ..
රජයට වංචා කරන්න..
ජනයට වංචා කරන්න..
අසාධාරණය කරලා..
අරූ වගේ පොදි ගහන්න.."
මම සිතුවෙමි - කිව්වානං තවත් බැනුම්..!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment