පාප සයුරෙ කිමිදී සිටි,
රාග වෙරලේ වැතිරී සිටි,
ගල් ගසනුව මේ ගැහැනිට"
රජ බලු තරනෙට ඉඩ දුන්,
වල් බලු තරනෙට ඉඩ දුන්,
වනචර බලු කික්කී..
මරා දමනු මේ "ඉතිරිය"
නසා දමනු මේ "සැතිරිය"
.........
මම ගැස්සී අවදිවුනෙමි
පාන්දරය...
හීතල හිරිගඩු පිපෙනා
තණ පත්වල පිණි නටනා
හිරු කුමරුට පෙම් බඳිනා
කැකුලු පුබුදු වන සොඳිනා
පාන්දරය...
මේ සුදු කලුවර කුටියේ උක්කුටියෙන් වක ගැසීන මම සිතුවෙමි...
ගල් ගැසුවේ කාටද මම්...?
ඒ ගැසුවේ මොකටද මම්...?
කිතු සමිඳුන් නොසිටින තැන,
ඇය ගලවා ගනු කවුරැද?
තව දුරටත් මම සිතුවෙමි,
"
පව් නොකලවු අපි සුදනන්
කම් නැත කිතු තුම සිටියත්...
අපි ගහන්නේ අපේ ගල්නෙ...
වදින තැනට ඔහෙ වැදුනවෙ...
to be cont...
No comments:
Post a Comment